යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය 21 වැනි සංවත්සරය සමරනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 21 වන සංවත්සරය 2023 ජුනි 22 වන දින සමරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරුවල සියලුම වර්ගයේ විදුලි හා යාන්ත්‍රික ස්ථාපන කටයුතු, විදුලි ජනක යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, ශීත කාමර සහ අනෙකුත් යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු පක්ෂාංගය විසින් සිදුකරනු ලබයි.

පක්ෂාංග පරිශ්‍රයේ පැවති රුක් රෝපණ වැඩසටහනකින් දින සැමරුම ආරම්භ කෙරුනු අතර, අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ.එම්.පී හේවාපතිරණ, පක්ෂාංගයේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සියලුම සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක්  පවත්වන ලදී. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව කොළඹ 10, ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද රෝග විද්‍යා අංශයේ පිරිමි සහ කාන්තා වාට්ටුවල තීන්ත ආලේප කිරිම සිදු කරන ලදී. යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරු පක්ෂාංග අණදෙන නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ පක්ෂාංගයේ සේවා පුද්ගලයින් විසින් සියලු උත්සව සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.