අන්තර් ඒකක අත්පන්දු ශූරතාව 2023
අන්තර් ඒකක අත්පන්දු ශූරතාවලිය 2023 ජුනි 23 වන දින කොළඹ, ශ්‍රී ලංකා ගුවන්
හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම තරගාවලිය කාණ්ඩ
දෙකක් යටතේ සංවිධානය කර තිබූ අතර කාන්තා කණ්ඩායම් 07ක් සහ පිරිමි කණ්ඩායම්
12ක් ශූරතා සඳහා තරග වැදුණි.
කාන්තා අංශයේ ශූරතාව ඒකල
ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලට හිමි වූ අතර අනුශූරතාව චීන වරාය ගුවන්
හමුදා විද්‍යාපීඨයට හිමිවිය.
පිරිමි අංශයේ ශූරතාව කොළඹ
ගුවන් හමුදා කඳවුරට හිමි වූ අතර අනුශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු
පාසලට හිමිවිය.
තරඟාවලියේ කාන්තා අංශයේ දක්ෂතම
ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසල නියෝජනය කරන නායක
ගුවන් කාන්තා හේරත් ඩීඑස්අයි සම්මාන හිමිකරගත් අතර සහ පිරිමි අංශයේ දක්ෂතම
ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ සැරයන් විජේසිරි
එස්.ඒ.සම්මාන හිමිකරගන්නා ලදී.



















