2023 12 වන ආරක්ෂක සේවා හොකී ශූරතාවලියේ ශූරතාවය ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම හිමිකර ගනී

12 වන ආරක්ෂක සේවා හොකී ශූරතාවලියේ 2023 ජූනි 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ පැවති අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි හොකී කණ්ඩායම පරදමින් ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හොකී කණ්ඩායම අනුශූරතාවය හිමිකරගන්නා ලදී.

අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතා සහභාගී විය.අවසන් මහා තරගය නැරඹීම සඳහා ගුවන් හමුදා හොකී සහ සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, ශ්‍රී ලංකා යුද හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදා හොකී කණ්ඩායම් වල සභාපතිවරුන්, ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගී විය.

විශේෂ සම්මාන

තරගාවලියේ හොඳම ගෝල රකින්නා (කාන්තා)

නායක ගුවන් කාන්තා ලක්ෂ්මන් ඩී.එම්.එම්.එම්

තරගාවලියේ හොඳම ගෝල රකින්නා - (පිරිමි)
සාජන් රත්නසිරි සීඑම්ටිඩී

තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා - (පිරිමි)
නායක ගුවන් භට නිමංක බීඒඩිආර්එස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.