ගුවන් හමුදාපතිවරයා හා යුද හමුදාපතිවරයාට අතර වි‍ශේෂ හමුවක්

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (2023 ජුනි 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා හමුවිය.

එයාර් මාර්ෂල් මහතා සුදර්ශන පතිරණ යුධ හමුදා මුලස්ථානය වෙත සම්ප්‍රාප්ත වීමත් සමග ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී. කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා තම ධූර කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා හමුදාධිපතිවරුන් දෙපළ සමරු තිළිණ හුවමාරු කර ගත් අතර, ලුතිනන් ජෙනරාල් ලියනගේ විසින් සියළුම ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන එක් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.