ගුවන්හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හමුවෙයි

නික්ම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද (2023 ජූනි 28) ආණ්ඩුකාර කාර්යාලයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා හමුවී සමුගන්නා ලදී.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා තම ධුර කාලය තුළ ලබාදුන් මගපෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. නික්ම යන ගුවන් හමුදාපතිතුමන්ට සුබ පැතුම් එක් කළ ආණ්ඩුකාරවරයා, ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.