ගුවන් හමුදාපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් හමුවෙයි

නික්ම යන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඊයේ (2023 ජූනි 28) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සමුගන්නා ලදී. 

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එයාර් මාර්ෂල් පතිරණ මහතා සිය ධුර කාලය තුළ ලබාදුන් සහයෝගයට කෘතඥතාව පළ කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් නික්ම යන ගුවන් හමුදාපතිතුමන් හට සුබ පැතුම් එක් කළ අතර ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.