එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා වෙත චාරිත්‍රානුකූලව ගුවන් හමුදාධිපති ධූරය භාරදීම අද (2023 ජුනි 29) ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි.

නික්ම යන ගුවන් හමුදාපතිතුමන් වෙත කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති වර්ණ ඇතුළත් උත්කර්ෂවත් පෙළපාලියක් පිරිනමන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නික්මයන සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය ද සහභාගී විය. ඉන් අනතුරුව, නික්මයන ගුවන් හමුදාපතිතුමන් විසින්  අවසන් වරට මුළු ගුවන් හමුදාවම ඇමතු අතර සිය දේශනය අතරතුරදී ඔහු තම සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින් හට තම කෘතඥතාව පළ කරන ලදි.

චාරිත්‍රානුකූල පෙළපාලියෙන් අනතුරුව, කටුනායක ගුවන් හමුදා කඳවුරු නිලධාරීන්ගේ නිවස්නය පරිශ්‍රයේදී සම්ප්‍රදායික භෝජන සංග්‍රහය පැවැත්විණි. එයාර් චීෆ් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ඔහුගේ බිරිඳ චාමිණි පතිරණ මහත්මියගේ සේවයට උපහාර පිණිස මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

Ceremonial Parade

Handing over of ceremonial baton

Dining-Out Night

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.