ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 17 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය (ADC&CC) සිය 17 වන සංවත්සරය 2023 ජූලි 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ජාතික ගුවන් ආරක්ෂක ජාලය මගින් ජාතියට සේවය කිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය 2006 වසරේදි පිහිටුවන ලදී. එහි ආරම්භයේ සිටම පසුගිය වසර 17 තුළ ජාතික ආරක්ෂාව සඳහා ඉමහත් දායකත්වයක් ලබා දෙන ලදි.
ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.සී ප්‍රනාන්දු විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියෙන් සැමරුම ආරම්භ විය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කඳවුරු අණදෙන නිළධාරීතුමන් සහභාගී විය.අනතුරුව කඳවුරු ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලද ක්‍රිකට් තරඟාවලියකින් දිවා කටයුතු අවසන් විය.










