කොළඹ ගුවන් හමුදා රෝහල 09 වැනි සංවත්සරය සමරනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ  රෝහල සිය 09 වන සංවත්සරය 2023 ජූලි 01 වන දින සමරන ලදී. දින සැමරුම් උත්සවය අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පී.ඒ.වී පද්මපෙරුම විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ විය. අණදෙන නිළධාරීතුමා විසින් රෝහල විවෘත කිරීමේ සිට එහි සංවර්ධනයට දායක වූ සියලුම නිළධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතූ අතර, හිටපු සියලුම අණදෙන නිළධාරීන්, වෛද්‍ය නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්,  වෛද්‍ය නොවන කාර්ය මණ්ඩලය සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත සිය සුභාශිංසන පිරිනමන ලද අතර රෝහලේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ සක්‍රීය දායකත්වය වෙනුවෙන් ස්තූතිය පුද කරන ලදී.

උත්සවයට සමගාමීව විශේෂ ප්‍රජා සත්කාරක වැඩසටහනක් බොරැල්ල ශ්‍රී ලංකාරාමයේදී පැවැත්විණි. තවද, 2023 ජුනි මස 30 වන දින  අණදෙන නිළධාරීතුමන්, සියලුම නිලධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය  එක්ව සුහද ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී. අනතුරුව රෝහල් පරිශ්‍රයේ බණ වැඩසටහනක් ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.