ශ්‍රී ලංකා ගුවන් හමුදා වාර්ෂික ක්‍රිස්තියානි රණවිරු අනුස්මරණ උත්සවය - 2023

ජාතියේ නාමයෙන් දිවි පිදූවන් සිහිපත් කරන සහ අගය කරන ගුවන් හමුදාවේ වාර්ෂික ගුවන් හමුදා කිතුනු අනුස්මරණ දේව මෙහෙය 2023 ජූලි 11බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේ දී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ඇතුලු නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, සෙසු නිලයින්, සිවිල් කාර්ය මණ්ඩලය සහ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අයගේ පවුල්වල සාමාජිකයින් මේ සදහා සහභාගී විය.

සියලුම ප්‍රධාන නිකායන් නියෝජනය කරමින් කිතුනු පූජකවරු මෙම දේව මෙහෙයට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන ආරක්ෂා කිරීමට ගුවන් හමුදාපතිවරයාට සහ සියලුම සාමාජිකයින්ට දිව්‍යමය ආශිර්වාද ඉල්ලා සිටියහ. මෙහිදී  පිළිගැනීමේ කතාව එයාර් කොමඩෝර් ගිහාන් සෙනවිරත්න නිළධාරීතුමන්  විසින් පවත්වන ලදී. විංග් කමාන්ඩර් රුවන් ගුණවර්ධන කැපවීමේ යාඥාව කියවූ අතර, ස්කොඩ්‍රන් ලීඩර්  ශාක්‍ය වික්‍රමසිංහ විසින් පළමු කියවීම සිංහල භාෂාවෙන් ද, බළලත් නිලධාරී එම් රාජ්කුමාර විසින් දෙවන වර කියවීම දෙමළ භාෂාවෙන් ද පවත්වන ලදී.

 ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය, ගුවන් හමුදාවේ සියලුම කඳවුරු නියෝජනය කරන ධජයන් වෙත ආශිර්වාද ලබා දීම මෙම උත්සවයේ සුවිශේෂී අංගයක් විය. ආචාර්ය ගරු මැක්ස්වෙල් සිල්වා පියතුමන් විසින් රාජකාරියේ යෙදී ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනාගේ නම් ඇතුළත් ලියවිල්ලක් පූජා කර අභිෂේක කරනු ලැබීය.

අනතුරුව සහභාගිවූවන් අතර ආහාර බෙදා හදා ගනිමින් සහයෝගීතාවයෙන් එක් වූහ.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.