ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් මහතා 2023 ජූලි 13 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා තම ධුර කාලය තුළ ලබාදුන් සියලු සහයෝගිතාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය. සුහද සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.



