ඉරණමඩු ගුවන් හමුදා කඳවුර විසින් විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් සිදුකරනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර විසින් 2023 ජූලි 14 වන දින විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය කදවුරට ආසන්නව පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වලට මෙන්ම එම කදවුරේ සේවය කරන සිවිල් කාර්ය මණ්ඩලයේ පවුල්වලට ආධාර සැපයීම අරමුණින් යුතුව සිදුකරන ලදී. මෙම ව්‍යාපෘති මගින් ඔවුන්ගේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය වියළි සලාක ඇසුරුම් බෙදා දීම සිදු කරන ලදී. මීට අමතරව, ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් සුලෝචන මාරප්පෙරුම නිළධාරීතුමන්ගේ  මගපෙන්වීම යටතේ පාසල් සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් බෙදාදීමක් කිලිනොච්චි කල්මඩුනගර් ප්‍රාථමික විද්‍යාලයේ දී සංවිධානය කරන ලදී.

සීමාසහිත ෆාම්ස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා සමඟින් ෆාම්ස් ලංකා පුද්ගලික සමාගමේ නොමසුරු අනුග්‍රහය මත මෙම වැඩසටහන පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා කදවුරේ සියලුම නිළධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.