ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ රෝහලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූලි 17 වන දින රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පීඒවි පද්මපෙරුම විසින් ගෲප් කැප්ටන් ටිවිඑස්එස් අල්විස් නිළධාරීතුමිය වෙත නව තනතුර භාර දෙන ලදී.

එයාර් කොමඩෝර් පී.ඒ.වී පද්මපෙරුම මහතා කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී වශයෙන් නව තනතුර භාරගැනිමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.