වාර්ෂික ගුවන් ගමන් ආරක්ෂණ පෝස්ටර් තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කෙරේ

පියාසර ආරක්‍ෂාව පිළිබඳ විධාන පරීක්‍ෂක අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් අමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා ආරක්‍ෂක පෝස්ටර් තරග සම්මාන ප්‍රදානෝත්සවය 2023 ජූලි 18 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී තරඟාවලියේ හොඳම ජයග්‍රාහකයින් තිදෙනා වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කරන ලදී.

ගුවන් හමුදාවේ සියලුම නිලයන් අතර ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් 14 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික ගුවන් ගමන් ආරක්ෂණ පෝස්ටර් තරඟය 72 වන සංවත්සර උත්සවයට සමගාමීව පවත්වන ලදී.විශේෂඥ විනිසුරු මඩුල්ලකගේ විනිෂ්චයෙන් අවසන් තරගකරුවන් 13 දෙනෙකු තෝරා ගන්නා ලද අතර මාණ්ඩලික ප්‍රධානිතුමන් විසින් අවසන් ජයග්‍රාහකයින් 3 දෙනකු විනිශ්චය කරන ලදී. 1 වන සහ 3 වන ස්ථාන පිළිවෙලින් බලපංති සැරයන් කාරියවසම් කේඡිඑස්, කෝප්‍රල් කරුණාරත්න ඩිපිඡිඑස් සහ එයාර් කොමඩොර් එස්ඩබ්සීපි බෝධිසීල විසින් ලබා ගන්නා ලදී. ඉතිරි ජයග්‍රාහකයින් 10 දෙනා වෙත සැනසිලි ත්‍යාග ප්‍රදානය කිරිමද මෙහිදී සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.