අන්තර් ඒකක වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ශූරතාව 2023

අන්තර් ඒකක වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023 ජුලි 10 සිට 17 දක්වා සහ අවසන් තරඟ 2023 ජූලි 26 දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍ය සේවා එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) එල්.ආර්. ජයවීර මහතා අවසන් මහා තරගයේ සහ ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

පිරිමි අංශයේ අන්තර් ඒකක වෙරළ වොලිබෝල් ශූරතාව ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් දිනා ගන්නා ලද අතර කාන්තා ශූරතාව ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර විසින් දිනා ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර සහ කොළඹ ගුවන් හමුදා කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතාවයන් හිමිකර ගන්නා ලදී. පිරිමි අංශයේ අන්තර් ඒකක ගෘහස්ථ වොලිබෝල් ශූරතාව ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් ද කාන්තා ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් ද දිනා ගන්නා ලදී. මීට අමතරව පිරිමි සහ කාන්තා අංශවල අනුශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුරට සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට හිමිවිය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්.එන්.තිලකසිංහ, වැඩබලන ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු පී.එස්.එන්.ප්‍රනාන්දු, නියෝජ්‍ය කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එස්.ආර් උඩුකුඹුර, ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ ලේකම්, ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සහ සාමාජිකයින් ද සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.