ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂක සේවා ක්‍රිකට් තරඟාවලි‍යේ ශූරතාවය දිනා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2023 ජූලි 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 04ක් දැවී ලකුණු 181ක් ලබා ආරක්‍ෂක සේවා ක්‍රිකට් කාන්තා තරගාවලියේ පිට පිට දෙවැනි වරටත් ශූරතාව දිනා ගැනීමට සමත් විය. , .

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් යුධ හමුදා ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09කට ලකුණු 179ක් රැස් කිරීමට සමත්විය

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය ඉනිමේ 48.4 වැනි ඕවරයේදී එම ඉලක්කය පසුකර ගියේ ය. ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 48.4 කදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 181ක් රැස් කළේය. කොප්‍රල් ඩිලානි මනෝදරා ලකුණු 92ක්, සැරයන් ඕෂදී රණසිංහ ලකුණු 34ක් සහ කෝප්‍රල් අමා කාංචනා ලකුණු 20ක් ලබා ගත්හ. ඩිලානි මනෝදරා සහ ඕෂදී රණසිංහ අතර ගොඩනැගුණු සබඳතාව තරගයේ ජයග්‍රහණයට හේතු විය. පන්දු යැවීමේ දී චමරි පොලොගම්පල ලකුණු 34කට කඩුලු 03ක් ද, මල්ෂා ෂෙහානි ලකුණු 33කට කඩුලු 2ක් ද දවා ගත්හ. මේ අතර ඕෂදී රණසිංහ සහ තාරුකා ෂෙහානි කඩුලු 02 බැගින් දවා ගත්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නීළධාරී එයාර් වයිස් මාර්ෂල් එල්.එච්.සුමනවීර සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් සභාපති, ගෲප් කැප්ටන් එස්පී ජයසිංහ, ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රිකට් කමිටු සභාපති, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.