ගුවන් හමුදාධිපතිතුමන් හා පොලිස්පති තුමන් අතර නිළ හමුවක්

නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාධිපති ධූරයට පත්විමෙන් අනතුරුව, පළමු වරට ශ‍්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ නිළ සංචාරයක නිරත වු අතර එහිදි පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිළ හමුවක් සිදු විය.
 
පොලිස් මුලස්ථානයට පැමිණි නව ගුවන් හමුදාධිපති තුමන් හට ශ‍්‍රි ලංකා පොලිස් සාමාජිකයින් විසින් ආචාර ගෞරව සමිමාන මුරයක් පිරිනමන ලද අතර අනතුරුව ගුවන් හමුදාධිපති තුමන් හා පොලිස්පති තුමන්ගේ නිළ හමුව සිදු විය. එහිදි ගුවන් හමුදාපති ධුරයට පත්වීම පිළිබඳ පොලිස්පති තුමන් විසින් ගුවන් හමුදාධිපති තුමන් වෙත සුභපැතුම් එක් කරන ලදි. හමුව අවසානයේදී දෙපාර්ශවය අතර මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු තිළින හුවමාරුවක් ද සිදු කරගන්නා ලදි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.