ඉරණමඩු ගුවන් හමුදා කඳවුර 12 වැනි සංවත්සරය සමරයි

ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර 2023 අගෝස්තු 03 වන දින සිය 12 වන සංවත්සරය සමරනු ලැබුවේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සුලෝචන මාරප්පෙරුම නිළධෘරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සමාජීය, බහු ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමිනි.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, අණදෙන නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලද අතර පෙළපාලිය අමතා මීට පෙර කදවුරේ සේවය කල අණදෙන නිළධාරීන් හට උපහාර දැක්වීය. මීට අමතරව, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ද කදවුරු පරිශ්‍රයේ සිටින සියලු දෙනාගෙන් උපරිම කැපවීම අපේක්ෂා කරන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

සංවත්සර උත්සවයට සමගාමීව 2023 ජූලි 29 වන දින කල්මඩුනගර් විද්‍යාලය, රාමනාතපුරම් පෙරපාසල සහ මායාවනූර්හි ප්‍රාදේශීය මාතෘ සායන ස්ථාන වල ශ්‍රමදාන වැඩසටහන් පවත්වන ලද අතර එහිදී අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක මල්ලක් බෙදා දෙන ලදී.

කදවුරු පරිශ්‍රෙයේ පැවති රුක් රෝපණ වැඩසටහනකින් සහ  සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද එල්ලේ තරඟාවලියකින් අනතුරුව සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් සංවත්සර සැමරුම අවසන් විය


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.