මුලතිව් ගුවන් හමුදා කඳවුර මගින් අක්ෂි සායන වැඩසටහනක් පවත්වනු ලබයි

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ 12 වන සංවත්සර සැමරුමට සමගාමීව 2023 අගෝස්තු 09 වන දින අක්ෂි  වෛද්‍ය සායනයක් සහ සිවිල් ඡනතාව සදහා කියවීමේ කණ්නාඩි බෙදාදීමෙ වැඩසටහනක් සිදු කරන ලදී. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර සහ ගුවන් හමුදා මුලතිව් කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ලක්මාල් ජයතිලක විසින් මෙම වැඩසටහනේ අධීක්‍ෂණය සිදු කරන ලදී. ප්‍රචාරක වැඩසටහනේ ප්‍රථීපලයක් ලෙස සිවිල් පුද්ගලයින් 175 කට වැඩි පිරිසක් වෛද්‍ය පහසුකම් ලබා ගත්හ.

මෙම අක්ෂි සායනය ගෲප් කැප්ටන් වෛද්‍ය අබේ ජයසේකර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය, කොළඹ ගුවන් හමුදා රෝහල සහ ඒකල වෘත්තීය පුහුණු පාසල කාර්ය මණ්ඩලය, මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ සහයෝගය ඇතිව සාර්ථකව පවත්වන ලදී.  

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අක්ෂි සායනයේදී සුදුසුකම් ලත් පුද්ගලයින් හට භාවිතා කිරීම සඳහා ඇස් කණ්ණාඩි 200 ක් නොමසුරුව ලබා දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.