ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර ගුවන් හමුදාධිපතිතුමන් විසින් වාර්ෂික පරීක්ෂණය සිදුකරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 අගෝස්තු 10 කොග්ගල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී.
 
ගුවන් හමුදාධිපතිතුමන් පරීක්‍ෂණය අතරතුර කඳවුරු මූලස්ථානය, නිවාඩු නිකේතන, ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටිය, කැටලිනා ග්‍රිල් ආපනශාලාව සහ අනෙකුත් සියලුම ස්ථානවල සංචාරයක නිරත විය. පරීක්‍ෂණය අවසන් කරමින්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියලුම නිළයන් සහ සිවිල් සේවක සේවිකාවන් ඇමතූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ඔවුන් දක්වන කැපවීම වෙනුවෙන් සියළුම පුද්ගලයින් වෙත සිය කෘතඥතාව පළ කරන ලදී. ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තිරසාර ප්‍රගතිය සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය පදනමක් ලෙස සේවය කරමින් ආදර්ශමත් ස්වයං විනයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.