අංක 52 සහ අංක 53 මූලික පැරෂුට් පුහුණු පාඨමාලා වල ලාංඡන ප්‍රදානෝත්සවය

අංක 52 සහ අංක 53 මූලික පැරෂුට් පුහුණු පාඨමාලා සඳහා නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2023 අගෝස්තු 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුහුණු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වීබි එදිරිසිංහ නිළධාරීතුමන් සහභාගී විය.

ගුවන් හමුදා අම්පාර කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.එම්.එල්.කේ සුගතදාස, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්.ඒ.වී.ගෝමිස්, සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම අවස්ථාව සදහා සහභාගීවිය.

ගුවන් හමුදා නිලධාරීන් 10 ක්, ගුවන් භටයින් 42 ක්, ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් 12 ක්, සෙසු නිලයින් 03 ක්, නාවික හමුදා නිලධාරීන් 03 ක්, සෙසු නිලයින් 08 ක්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 02 ක්, විශේෂ කාර්ය බළකායේ සෙබළුන් 06 ක් ඇතුළුව පැරෂුට් භටයින් 86 දෙනෙකු පාඨමාලාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් ලාංඡන ලබා ගත්හ. අංක 52 සහ අංක 53 මූලික පැරෂුට් පුහුණු  පාඨමාලාවේ හොඳම පැරෂුට් භටයින් ලෙස නායක ගුවන් භට ඒකනායක ආර්.එම්.එච්.පී සහ ලුතිනන් (මැරීන්) බී.ඒ. විජයවික්‍රම තේරී පත් විය.පුහුණු අධ්‍යක්ෂ ජනරාල් විසින් ලාංඡන ලාභීන් අමතමින් පාඨමාලාව සාර්ථකව නිම කිරීම පිළිබඳව ඔවුන්ට සුබ පැතූ අතර ඔවුන්ගේ අනාගතයට සුබ පැතුම් එක් කළේය.
 
විංග් කමාන්ඩර් එම්ඒවී ගෝමිස්ගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා ස්කයිඩයිවිං සංදර්ශක කණ්ඩායම අලංකාර පැරෂුට් සංරදර්ශනයක් ඉදිරිපත්කරන ලදී.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.