ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 අගෝස්තු 24 වන දින කඳවුරු පෙළපාලිය චතුරශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් එල්එච් සුමනවීර නිළධාරීතුමන් විසින්  එයාර් කොමඩෝර් එස්ඩිඡිඑම් සිල්වා වෙත නව තනතුර භාර දෙන ලදී. එයාර් වයිස් මාර්ෂල් එල් එච් සුමනවීර මහතා ගුවන් හමුදා මූලස්ථානය වෙත පිටත්ව යන අතර එහිදී ඔහු අධ්‍යක්ෂ ජනරාල් පුහුණු ලෙස තනතුර භාර ගැනීමට නියමිතව ඇත.

සම්ප්‍රදායික භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අවසන් කිරීමෙන් අනතුරුව නව කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එස්ඩීජීඑම් සිල්වා මහතා සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී. ඔහු මීට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ කදවුරු අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.