ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ආරක්‍ෂක සේවා පැසිපන්දු ශූරතාව දිනා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම පරදවා ලකුණු 39-26 ක් ලෙස 12 වන ආරක්ෂක සේවා පැසිපන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟය ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී මෙම තරගය පවත්වන ලදී. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අඛණ්ඩව දෙවන වසරටත් මෙම කිරුළ හිමිකර ගැනීමට සමත් විම විශේෂත්වයකි.
අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය යුද හමුදා පැසිපන්දු සභාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්.ඒ.වී.ජේ.බී වනිගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවසන් මහා තරගයට ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ පැසිපන්දු සභාපති එයාර් වයිස් මාර්ෂල් ටීඒඩීආර් සේනානායක, ගුවන් හමුදා පැසිපන්දු ලේකම් විංග් කමාන්ඩර් එච්.කේ.එච් ඩයස්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය. තවද, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමා ද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූ අතර අනුශූරතාව දිනාගත් කණ්ඩායම් සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදු විය.











