ලෝක ආරක්ෂක සේවා රග්බි තරඟාවලියේදී ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම තෙවැනි ස්ථානය දිනා ගනියි

2023 අගෝස්තු 22 සිට අගෝස්තු 27 දක්වා රුසියාවේ මොස්කව්හිදී පැවති  පලවෙනි ලෝක ආරක්‍ෂක සේවා රග්බි  තරගාවලියේ හා 2023 වසරේ පළමු ආරක්‍ෂක සේවා සත් සාමාඡික රග්බි තරගාවලිය තෙවන ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම  සමත් විය. මෙම ශූරතාවලිය සදහා  රුසියාව, දකුණු අප්‍රිකාව, බෙලරූසය සහ බංග්ලාදේශය වැනි රටවල් සහභාගි විය.

රුසියාව සහ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර රුසියාව ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දකුණු අප්‍රිකාව අභිබවා පිළිවෙළින් ලකුණු 31ක් සහ 20ක් ලබා ගනිමින් ශූරතාව දිනාගත් අතර, දකුණු අප්‍රිකාව අනුශූරතාව හිමිකර ගත්තේය. "ක්‍රීඩාව තුළින් මිත්‍රත්වය" යන ආදර්ශ පාඨය තේමාව මුල් කර ගනිමින් තරගාවලිය පවත්වන ලදී.

ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් හතර දෙනෙකු සමඟින් ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත විය. ශ්‍රී ලංකා යුද හමුදාවේ අශාන් බංඩාර කන්ඩායමේ නායකත්වය දරන අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු පී.ඒ.එස්.කේ පිටිගල ආරක්‍ෂක සේවා රග්බි සභාපති ලෙස හා කණ්ඩායම් කළමණාකරු ලෙස බ්‍රිගේඩියර් ඩී.කේ අලුත්දෙණිය කටයුතු කරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.