ගුවන් හමුදා කාන්තා කණ්ඩායම 2023 ජාතික නවක ජූඩෝ ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනා ගනී

.මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ සභාපති විංග් කමාන්ඩර් මංජුල ප්‍රගීත් වීරසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.  ගුවන් හමුදා ජූඩෝ සංගමයේ සහකාර ලේකම් විංග් කමාන්ඩර් එච්.ඩී.ටී.එන්.එස්.හෙට්ටිආරච්චි මහතා සහ ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම තරගය දැකබලා ගැනීම සදහා සහභාගී විය.

පිරිමි අංශය සඳහා බර කාණ්ඩ අටක් (08) සහ කාන්තා අංශය සදහා බර කාණ්ඩ හතක් (07) යටතේ ශූරතාවලිය පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ දිවයිනේ අනෙකුත් ප්‍රමුඛ පෙළේ ජූඩෝ සමාජ ඇතුළු ස්වාධීන ක්‍රීඩා සමාජ විසි හතක් (27) නියෝජනය කරමින් ක්‍රීඩකයන් තුන්සිය හැත්තෑවකට (370) ආසන්න පිරිසක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් පිරිමි සහ කාන්තා යන අංශ දෙකටම සහභාගී වූ අතර කාන්තා කණ්ඩායම කණ්ඩායම් ඉසව්වේ සමස්ත ශූරතාවය හිමිකර ගන්නා ලදී. ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් අතර පිරිමි කණ්ඩායම එක් ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.

ප්රතිඵල සාරාංශය

කාන්තා

රන් පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා ප්‍රේමලාල් - කිලෝග්‍රෑම් 48 ට අඩු බර කාණ්ඩය
ගුවන් කාන්තා බාලසූරිය - කිලෝ ග්රෑම් 57 ට අඩු බර කාණ්ඩය
ගුවන් කාන්තා රණසිංහ - කිලෝග්‍රෑම් 63 න් පහළ බර කාණ්ඩය
බී.එච්.සංකල්පනා - කිලෝග්‍රෑම් 70න් පහළ බර කාණ්ඩය
බී කේ සංකල්පනා - කිලෝග්‍රෑම් 78 න් පහළ බර කාණ්ඩය

රිදී පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා සේනාරත්න - කිලෝග්‍රෑම් 52න් පහළ බර කාණ්ඩය
ගුවන් කාන්තා වික්‍රමසිංහ  - කිලෝග්‍රෑම් 70 න් පහළ බර කාණ්ඩය

ලෝකඩ පදක්කම්ලාභීන්
ගුවන් කාන්තා යාපා - කිලෝග්‍රෑම් 57 ට අඩු බර කාණ්ඩය
ඒ.එම්.අමිතා රත්නමාලි - කිලෝග්‍රෑම් 63න් පහළ බර කාණ්ඩය
කෝප්‍රල් පෙරේරා  - කිලෝග්‍රෑම් 78ට වැඩි බර කාණ්ඩය

පිරිමින්ගේ


ලෝකඩ පදක්කම්ලාභී

කෝප්‍රල් වීරසේකර ඩී.ඩබ්ලිව්.ඒ.ජී.ඩී.එල් - 66 න් පහළ බර කාණ්ඩය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.