අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවය 2023

අන්තර් ඒකක ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 සැප්තැම්බර් 04 සහ 06 යන දිනයන්හිදී පවත්වන ලද අතර සම්මාන ප්‍රදානෝත්සවය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී අධ්‍යක්ෂ ජනරාල් පරිපාලන එයාර් වයිස් මාර්ෂල් කේ.එම්.කේ කැප්පෙටිපොළ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර පිරිමි අංශයේ ශූරතාවයට හිමිකම් කියන අතර කොළඹ ගුවන් හමුදා කඳවුර කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගත්තේය.  ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඇකඩමිය පිරිමි අංශයේ සම අනුශූරතාව හිමිකරගත් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ කාන්තා අංශයේ අනුශූරතාව  හිමිකර ගන්නා ලදී.

ක්‍රීඩා අධ්‍යක්ෂ, ගෲප් කැප්ටන් ඩබ්ලිව්ඒඑස්බී වීරසේකර, ගුවන් හමුදා ටයිකොන්ඩෝ සභාපති එයාර් කොමඩෝර් වීටීඑස් සිරිමාන්න, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සැමාඡිකයින් සහ ආරාධිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.