අන්තර් ඒකක ක්‍රිකට් ශූරතාව 2023

අන්තර් ඒකක ක්‍රිකට් පිරිමි සහ කාන්තා ශූරතාව 2023 සැප්තැම්බර් 07 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී අවසන් විය. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් එච්.ඩබ්ලිව්.එම්.යූ. විජේසිංහ නිළධාරීතුමන් සහභාගි විය.

ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි ශූරතාව දිනාගත් අතර කාන්තා ශූරතාවය කටුනායක ගුවන් හමුදා කඳවුර විසින් හිමිකරගැනිමට සමත්විය. පිරිමි අවසන් මහා තරගයේදී ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවුර ඕවර 19කදී සියල්ල දැවී ලකුණු  81ක් රැස් කිරීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ ගුවන් හමුදා කඳවුර ඕවර 9කදී කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලබාගැනීමට සමත්විය. කාන්තා අවසන් මහා තරගයේදී කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම ඕවර 05කදී කඩුලු 3ක් දැවී ලකුණු 63ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ලෙස ගුවන් හමුදා කටුනායක කඳවුරේ සැපයුම් හා නඩත්තු ඩිපෝ කන්ඩායම ඕවර 05කදී රැස්කරගත හැකිවූයේ කඩුලු 2ක් දැවී 46ක් පමණි.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු එස්ඩීජීඑම් සිල්වා, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පීඑස්එන් ප්‍රනාන්දු, ක්‍රීඩා අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ඩබ්ලිව්ඒඑස්බී වීරසේකර, ගුවන් හමුදා ක්‍රිකට් සභාපතිවරුන්, ගෲප් කැප්ටන් එස්පී ජයසිංහ, ගුවන් හමුදා නිළධාරීන් සහ අනෙකුත් ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් මෙම තරගය දැකබලාගැනීම සදහා එක්ව සිටියහ.
   
ප්රතිඵල සාරාංශය

පිරිමි
අවසන් තරගයේ ක්‍රීඩකයා
ප්‍රධාන බළලත් නිලධාරි ඩී.එන්.පුංචිහේවා
තරගාවලියේ ක්‍රීඩකයා
නායක ගුවන් භට හේරත් එච්.එම්.ජී.බී.එම්.බී

කාන්තා
අවසන් තරගයේ ක්‍රීඩකයා
බලඝණ නායක සෙව්වන්දි
තරගාවලියේ ක්‍රීඩිකාව
කෝප්‍රල් තිලකරත්න ඩබ්.ඩී.එස්

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.