එම්අයි-17 හෙලිකොප්ටර් පියාසර ඉංජිනේරුවන්ගේ දැනුම සහ පළපුරුද්ද බෙදාගැනීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

දැනට සේවයේ යෙදී සිටින එම්අයි-17 හෙලිකොප්ටර් පියාසැරි ඉංජිනේරුවන්ගේ නිම් වළලු පුළුල් කිරීමේ මූලික අරමුණින්  දැනුම සහ අත්දැකීම් බෙදාගැනීමේ වැඩසටහනක් 2023 සැප්තැම්බර් 16 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. විශ්‍රාමික ගුවන් ඉංජිනේරුවන් දෙදෙනෙකු, ගුවන් යානා ඉංජිනේරු නිලධාරීන් 13 දෙනෙකු සහ ගුවන් භටයින් 11 දෙනෙකු ඇතුළුව ගුවන් ඉංජිනේරුවන් 26 දෙනෙකු මෙම සුවිශේෂී අවස්ථාවට එක් විය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ටීඒඩීආර් සේනානායක නිළධාරීතුමන් සහභාගී විය. එයාර් වයිස් මාර්ෂල් සේනානායක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි-17 හෙලිකොප්ටර් යානාවල ජ්‍යෙෂ්ඨතම ගුවන් ඉංජිනේරුවරයා වීම විශේෂත්වයකි.

විශ්‍රාමික සහ දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ ගුවන් යානා ඉංජිනේරුවන් දෙපළගේම පැමිණීමෙන් උත්සවය වඩාත් සාරවත් විය. මෙම සම්භාවනීය පුද්ගලයින් ඊලාම් යුද්ධය සහ මානුෂීය මෙහෙයුම් මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩල ඇතුළු විවිධ තීරණාත්මක අවශ්‍යතාවන්වලදී  ප්‍රධාන රාඡකාරියක් ඉටු කර ඇත. ඔවුන්ගේ අත්දැකීම් සම්භාරය සහ ප්‍රවීණත්වය සැසිවාරය දැනුවත් කිරීමට සහ සහභාගී වූ සියලුම දෙනාගේ වෘත්තීය වර්ධනයට සහ දැනුම වැඩි දියුණු කිරීමට දායක විය.

මෙම දැනුම හා අත්දැකීම් බෙදාගැනීමේ වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි-17 හෙලිකොප්ටර් පියාසැරි ඉංජිනේරුවන් අතර සහයෝගීතාව ඉහළ නැංවීමට, විශේෂඥ දැනුම ලබා දීමට සහ අඛණ්ඩ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීමට  උපකාරී විය
.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.