ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි දුනු විදීම, ටෙනිස්, අත්පන්දු, හොකී, ගොල්ෆ්, තුන්ප්‍රයාම, ඡල ක්‍රීඩා, බොක්සිං, බර ඉසිලීම, පැසිපන්දු සහ රග්බි ඇතුළු ක්‍රීඩා ඉසවි වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ජාතික හා ජත්‍යන්තර තරග සදහා සහභාගිවෙමින් ජයග්‍රහන හා විශිෂ්ඨ දක්ෂතාවයන් දැක්වු   ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරමින් තිළිණ ප්‍රදානය කිරිම මෙහිදි සිදු කරන ලදි

2022 ඉන්දියාවේ පැවති පොදුරාඡ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේදි බර ඉසිලිමේ රිදී පදක්කමක් ලබා ගැනීමේ සුවිශේෂී ජයග්‍රහණය අගයමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් නායක ගුවන් කාන්තා අශිනි වික්‍රමසිංහ කෝප්‍රල් නිලයට උසස් කරනු ලැබු අතර ගුවන් හමුදා අත්පන්දු පුහුණුකරු, සැරයන් රුමේෂ් රත්නායක මහතා ද ගුවන් හමුදාපති තුමන් විසින් විශේෂ ඇගයීමට ලක් කරන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීතුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යෂක මණ්ඩලයේ නිළධාරීන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත සභාපතිවරුන්, ගුවන් හමුදා ක්‍රීඩා සංචිත ලේකම්වරුන්, ක්‍රීඩා සංචිත කළමණාකරුවන් සහ ක්රීවඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.