ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කොමඩෝර් MD Shafiul Bari  මහතා අද 2023 සැප්තැම්බර් 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඔහු ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගය කළ ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඔහුගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.