ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ

එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා 2023 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දී එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කළ අතර අභිනවයෙන් පත් වූ ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත සිය සුභාශිංසන පළ කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් මුදිත මහවත්තගේ කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර 1989 නොවැම්බර් 14 වන දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 7 වන බඳවා ගැනීමේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. ඔහු මූලික සටන් පුහුණුව සාර්ථකව නිම කළ අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීය. 1991 ඔක්තෝම්බර් 14 වන දින ඔහු ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු ශාඛාවේ නියමු නිලධාරි තනතුරට පත් කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිය සේවා කාලය තුළ වසර 16ක් සිය වටිනා සේවය කැප කළ අංක 10 ප්‍රහාරක නඩත්තුව බලඝණයේ අණදෙන නිලධාරී වැනි ප්‍රධාන තනතුරු රැසක සේවය කර ඇත.අධ්‍යයන පරිපූර්ණත්වය කරා යන ගමනේදී එයාර් වයිස් මාර්ෂල් මහවත්තගේ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව,ඔහු ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ගුවන් යානා නඩත්තු ඉංජිනේරු බලපත්‍රයකද හිමිකම් දරයි.

ඔහුගේ විශිෂ්ඨ සහ ආදර්ශවත් සේවය වෙනුවෙන් ඔහු "උත්තම සේවා පදක්කම" සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන අංශයේ සභාපතිවරයා ලෙසද ඔහු පත්වීම් දරයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.