ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 පියාසර පුහුණු පක්‍ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ නව අණදෙන නිළධාරි තනතුර භාරදිම සහ භාරගැනිමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 සැප්තැම්බර් 21 වන දින පක්‍ෂාංග පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී ගෲප් කැප්ටන් අයි එස් මල්ලවාරච්චි නිළධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ආර්එම්සිඡේකේ රත්නායක නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.  

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අයි.එස්. මල්ලවාරච්චි නිළධාරිතුමන් පැය 4500කට වැඩි කාලයක් ගුවන් හමුදාවේ විවිධ වර්ගයේ ගුවන් යානා පියාසර කර ඇති අතර වසර 25ක ජාතිය වෙනුවෙන් කරන ලද  මෙහෙවර නිමකරමින් ගුවන් හමුදාවට සමුදෙන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.