ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර විසින් විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘති වැඩසටහනක් පවත්වනු ලබයි

එළඹෙන 'ලෝක ළමා දිනය' නිමිත්තෙන් ගුවන් හමුදා ඉරණමඩු කඳවුර 2023 සැප්තැම්බර් 22 වන දින විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී. කඳවුර අවට ප්‍රාදේශීය පෙර පාසල් ළමුන් සඳහා අධ්‍යාපන ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණ විය. ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් සුලෝචන මාරපෙරුම නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව කියංශය (මිතුලන්) පෙර පාසල සහ ළමා උද්‍යානය ප්‍රතිසංස්කරණය කිරීම මෙම ව්‍යාපෘති වැඩසටහන මගින් සිදුකරන ලදී. ස්ටීවන් කොලින් තුරින් මහතාගේ සහ ඔහුගේ පවුලේ අයගේ නොමසුරු අනුග්‍රහයද මෙම කටයුත්ත සදහා ලබාදෙන ලදී.

එම ප්‍රජා සහභාගීත්වයේම කොටසක් ලෙස අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා 2023 සැප්තැම්බර් 13 දින හගුරන්කෙත ප්‍රදේශයේ ආර්.එම්.රන්බණ්ඩා මහතා සහ රාජාංගනය ප්‍රදේශයේ ජේ.ඒ.ජේ.චන්ද්‍රරත්න මහතා වෙත අණදෙන නිළධාරිගේ අධීක්ෂණය යටතේ රෝද පුටු දෙකක් පරිත්‍යාග කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා සිතී සාරාහ් අසාන් මෙනවිය විසින් අරමුදල් සපයන ලදි.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.