ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම තන්ඩර් ස්ට්‍රික් 2023 යතුරුපැදි ධාවන තරඟයේදී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනය (FMSSL) විසින් සංවිධානය කරන ලද සහ කටුකුරුන්ද ධාවන පථයේ පැවැත්වුණු  තන්ඩර් ස්ට්‍රික් 2023 යතුරුපැදි ධාවන තරඟ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා යතුරුපැදි ධාවන කණ්ඩායම සහභාගී විය. මෙම තරඟය 2023 සැප්තැම්බර් 24 වන දින පවත්වන ලද අතර, දිවයිනේ සෑම ප්‍රෙද්ශයකම තරඟකරුවන් මේ සදහා සහභාගී විය.

තරගයේ, 100cc සිට 125cc දක්වා වූ යන්ත්‍ර සඳහා ස්ටෑන්ඩර්ඩ් යතුරුපැදි කාණ්ඩයේ ප්‍රථම අනුශූරතාව හිමිකර ගනිමින් නායක ගුවන් භට වීරසිංහ විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත් අතර නායක ගුවන් භට මදුමාල් විසින් දැඩි තරඟකාරී ස්ටෑන්ඩර්ඩ් මෝටර් සයිකල් කාණ්ඩයේ සුවිශේෂී දස්කමක් පෙන්නුම් කළේය. 125cc ට වැඩි 160cc දක්වා කාන්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට නායක ගුවන් භට මදුමාල් සමත් විය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මෝටර් රථ ධාවන අංශයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්.පී.ඒ මහවත්තගේ සහ ගුවන් හමුදා මෝටර් රථ ධාවන අංශයේ ලේකම් ගෲප් කැප්ටන් ඒ.කේ.කේ.ආර් අබේසිංහ යන මහත්වරු සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.