සමස්ථ ලංකා අන්තර් සමාජ සත් සාමාජික හොකී තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ජය

මාතලේ හුලංගමුව ක්‍රීඩා සමාජය විසින් 2023 සැප්තැම්බර් 24 වන දින මාතලේ එඩ්වඩ් පාර්ක් හිදී සංවිධානය කරන ලද සමස්ත ලංකා අන්තර් සමාජ සත් සාමාජික හොකී තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි හොකී කණ්ඩායම පරදවා ජයග්‍රහණය හිමිකර ගැනීමට ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා “ඒ” හොකී කණ්ඩායම අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පරදවා ගෝල 03-01ක් ලෙස ලබාගනිමින් ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදා පිරිමි කණ්ඩායම සමත් විය.

තවද, මෙම තරගාවලියේ පිරිමි අංශයේ විශිෂ්ටතම ගෝල රකින්නා ලෙස සැරයන් රත්නසිරි,වඩාත් කැපීපෙනෙන දක්ෂතා දැක්වු ක්‍රීඩකයා ලෙස නායක ගුවන් භට ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලැබීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.