ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය -2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං කණ්ඩායම විශිෂ්ට දස්කම් දක්වයි

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද පිරිමි සහ කාන්තා "ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය -2023" තරගාවලිය 2023 ඔක්තෝබර් 01 වන දින සිට 04 වන දින දක්වා කොළඹ 11 සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම බොක්සිං තරගාවලියේදී රන් පදක්කම් 7ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ලබා ගනිමින් ජයග්‍රහණ අත්කර ගැනිීමට ගුවන් හමුදා බොක්සිං කන්ඩායම සමත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බොක්සිං කණ්ඩායම්වන, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ විවිධ බොක්සිං සමාජ ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය සදහා සහභාගි වූහ.


ප්රතිඵල සාරාංශය

                                                                                                                                                                                         
පිරිමි
රන් පදක්කම
සැරයන් මධුෂාන් පීජීඊ ( කිලෝග්‍රෑම් 54ට අඩු)
කෝප්‍රල් මීගස්තැන්න ( කිලෝග්‍රෑම් 92ට අඩු)

රිදී පදක්කම

කෝප්‍රල් උදයකුමාර ( කිලෝග්‍රෑම් 71 ට අඩු)
නායක ගුවන් භට කුමාර (කිලෝග්‍රෑම් 80 ට අඩු)

ලෝකඩ පදක්කම
ගුවන් භට එරන්ද (කිලෝග්‍රෑම් 57 ට අඩු)
කෝප්‍රල් අබේරත්න (කිලෝග්‍රෑම් 75 ට අඩු)
නායක ගුවන් භට ද සිල්වා (සැහැල්ලු බර - කිලෝග්‍රෑම් 80 ට අඩු)

කාන්තා
රන් පදක්කම
ගුවන් කාන්තා මල්ෂානි (කිලෝග්‍රෑම් 54 ට අඩු)
නායක ගුවන් කාන්තා පෙරේරා (කිලෝග්‍රෑම් 52 ට අඩු)
නායක ගුවන් කාන්තා කුරේ  (කිලෝග්‍රෑම් 60 ට අඩු)
කෝප්‍රල් තිවංකා (කිලෝග්‍රෑම් 63.5 ට අඩු)
නායක ගුවන් කාන්තා කලුආරච්චි (කිලෝග්‍රෑම් 75 ට අඩු)

ලෝකඩ පදක්කම
ගුවන් කාන්තා ඒකනායක (කිලෝග්‍රෑම් 52 ට අඩු)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.