ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අවසන් වේ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 34 වැනි සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවය 2023 ඔක්තෝබර් 04 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ද එක්ව සිටියහ. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාස්ටර් උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරීන් 47 දෙනෙකු සහ විශ්ව විද්‍යාලයේ විවිධ පීඨවල අයත් ශ්‍රී ලංකා ගුවන් හමුදා උපාධිධාරීන් 96 දෙනෙකු මෙවර උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි ලබා ගත්හ.

දක්ෂතම යුද හමුදා නිලධාරියා ලෙස කැඩෙට් නිලධාරි ආර්.ටී.එල්.ඒ. ද සිල්වා, දක්ෂතම නාවික නිලධාරියා ලෙස උප ලුතිනන් එස්.එච්.මදනායක, දක්ෂතම ගුවන් හමුදා නිලධාරියා ලෙස පියාසර නිළධාරී ඩබ්.ඒ.ආර්.ඩී.ජයතිලක යන මහත්වරුන්ට විශේෂ සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය. ඉන්ටේක් 36 හි සෑද අතින්ම දක්ෂතම කාර්ය සාධනය සඳහා වන ගෞරව සම්මානය උප ලුතිනන් එස් එච් මදනායක වෙත පිරිනමන ලදී.

 තානාපතිවරුන්, කොමසාරිස්වරුන්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), අනෙකුත් අමාත්‍යාංශ ලේකම්වරුන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, පොලිස්පති, සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටේගොඩ (විශ්‍රාමික), උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ. දම්මික කුමාර, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩල කළමනාකාරීත්වයේ සාමාජිකයින් මෙම අවස්තාවේ සම්භාවනීය අමුත්තන් අතරට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.