2023 කොළඹ ගුවන් කතිකාව ඇරඹෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සයවන වරටත් සංවිධානය කරනු ලැබු 2023 කොළඹ ගුවන් කතිකාව  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ ආරාධනයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානි ගරු සාගල රත්නායක මැතිතුමන් විසින් 2023 ඔක්තෝම්බර් මස 09 වන දින ගුවන් හමුදා රත්මලාන  ඊගල්ස් ලේක්සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව ආරම්භ කරන ලදි.

ඉන්දියානු සාගර කලාපයේ සාමුහික ගුවන් අරමුණු වර්ධනය කර ගැනිමේ තේමාව මුලික අරමුණ කර ගනිමින් ආරමිභ කරනු ලැබු මෙම විද්වත් සාකච්ඡාව සදහා එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව චිනය ඇතුලු රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් රාශියක් සහභාගි වු අතර විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා, ආරක්‍ෂක ලේකම් (විශ‍්‍රාමික) ජෙනරල් කමල් ගූණරත්න මහතා, විදේශ රටවල්හි මහකොමසාරිස්වරුන් සහ තානාපතිවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීතුමන්, යුධ හමුදාපති තුමන්, නාවික හමුදාධිපතිතුමන්, විශ‍්‍රාමික ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරුන්, ත‍්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරීන් ඇතුලූ පිරිසක්   සහභාගී විය.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.