ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ තවත් අදියරක් වඩ්ඩකච්චියේදී සාර්ථකව අවසන් කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා ඉරණමඩු කදවුර මගින් "ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ තවත් අදියරක් ඊයේ 2023 ඔක්තෝම්බර් 13 වඩ්ඩකච්චි ප්‍රාදේශීය රෝහලේදී සාර්ථකව සිදු කරන ලදී. මෙම වැඩසටහන දේශීය ප්‍රජාව සඳහා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත.

අවට පදිංචිකරුවන් සඳහා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් වඩ්ඩකච්චි ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංස්කරණය කිරීම සහ තීන්ත ආලේප කිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය. එය නිමවීමෙන් අනතුරුව ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සුලෝචන මාරප්පෙරුම විසින් උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී සත්‍යමූර්ති වෙත මෙම පහසුකම් නිල වශයෙන් භාර දෙන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සහ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ඒකාබද්ධ මූල්‍ය ආධාර මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකි විය.

මෙම අවස්ථාවට කිලිනොච්චිය, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ සහ එහි සේවක සේවිකාවන් පිරිසක් , ගුවන් හමුදා සේවා පුද්ගලයින් පිරිසක් සහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පරිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.