ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල 71 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල සිය 71 වන සංවත්සරය 2023 ඔක්තෝම්බර් 15 වන දින අණදෙන නිළධාරී එයාර් කොමඩොර් වජිර සේනාධීර නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව ප්‍රජා සත්කාරක ව්‍යාපෘති මාලාවක් සහ ආගමික ක්‍රියාකාරකම් රැසක් සමගින් සියළුම නිළධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් එක්ව සමරන ලදී.

සන්වත්සර දින සැමරුමට සමගාමීව දියතලාව බස් නැවතුම්පොළේ සහ "ඊගල්ස් නෙස්ට්" ළමා උද්‍යානයේ ශ්‍රමදාන වැඩසටහනක්  පැවැත්විණි. අමතරව දියතලාව මධ්‍ය මහා විද්‍යාලය, දියතලාව මිනින්දෝරු හා සිතියම්කරණ ආයතනය, දියතලාව දුම්රිය ස්ථානය, හපුතලේ දිසා රෝහල, හපුතලේ මහා විද්‍යාලය ඇතුළු රාජ්‍ය ආයතන වෙත කොස් පැළ බෙදාදීමද සිදු කරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව පෙර පාසල් ගොඩනැගිල්ල සඳහා අලුතින් ඉදිකරන ලද කාර්යාල කාමරය,  අලුතින් පුළුල් කරන ලද ආපනශාලාව සහ ව්‍යායාම ශාලා පහසුකම් විවෘත කරන ලදී.අනතුරුව කදවුරේ නිළධාරින් සෙසු නිලයින් සිවිල් කාර්ය මණඩලයට ආශිර්වාද කිරීම සඳහා ධර්ම දේශනා වැඩසටහනක් පවත්වමින් දින සැමරුම අවසන් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.