දැඩි සත්කාර සහ ඉක්මන් ප්‍රථීකාර උපදේශකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහල සමඟ එක්ව 2023 ඔක්තෝබර් 11 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලය හදිසි, දැඩි සත්කාර සහ ඉක්මන් ප්‍රථීකාර උපදේශකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.

මෙම පුහුණු පාඨමාලාව සඳහා කොළඹ ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් සුජීව අල්විස් සහ ගුවන් හමුදා වෛද්‍යවරුන් වන විංග් කමාන්ඩර් ශිරාන් රාඡකරුනා, විංග් කමාන්ඩර් සසිරු මදුරාවල, ස්කොඩ්‍රන් ලිඩර් කල්ප බන්ඩාර සහ ස්කොඩ්‍රන් ලිඩර් ඉෂාන් සිල්වා යන නිළධාරීන්ගේ  සහභාගීත්වයෙන් පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.