ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කදවුරේ නව අණදෙන නිළධාරි තනතුර භාර දීම සහ භාරගැනිමේ පෙළපාලිය 2023 ඔක්තෝම්බර් 20 වන දින උත්සවාකාරයෙන් සිදු කරන ලද අතර එහිදී විංග් කමාන්ඩර් පිඡිබි මැදගේවත්ත නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් පීඑස් ඇලෙක්සැන්ඩර් නිළධාරීතුමන් එම කඳවුරේ 14 වන අණදෙන නිළධාරියා ලෙස නව තනතුර භාර  දෙන ලදී.

 
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී.එස්.ඇලෙක්සැන්ඩර් නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ භූමි අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී II ලෙස සේවය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.