අසාධ්‍ය ලෙස රෝගාතුරව සිටින රෝගියෙකු හට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාම පිළිබඳ පෙරහුරු අභ්‍යාසයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මන්ඩලය සමඟ එක්ව අසාධ්‍ය රෝගියෙකු ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාමේ පෙරහුරු අභ්‍යාසයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා වෛද්‍ය කණ්ඩායම විසින් මෙම මස මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සඳහා පවත්වන ලද දේශන මාලාවේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් ලෙස සිදුකරන ලදී.

මෙම අභ්‍යාසය මගින් රෝගියාට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී භාරදීම සහ භාරගැනීමේ ක්‍රියාපටිපාටිය සහ පියවර පෙන්නුම් කරන ලදී. අංක 4 බලඝණයේ මෙඩිවැක් කිට් සහිත බෙල් 412 ගුවන් යානය මෙම අභ්‍යාසය සඳහා යොදාගන්නා ලද අතර රෝගියෙකු සමඟ ගුවන් යානය රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් පිටත් කර ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත ගොඩ බස්වන ලදී. මෙම පෙරහුරු අභ්‍යාසය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා මෙඩිවැක් කණ්ඩායම් සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගීවන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.