ගුවන් මිතුදම් ව්‍යාපෘතිය චීන වරායේදී සාර්ථකව අවසන් වේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද ‘ගුවන් මිතුදම්’ සමාජ සත්කාර ව්‍යාපෘතිය 2023 ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය විසින් නාලන්දා විද්‍යාලයේ දී  සාර්ථකව අවසන් කරන ලදී.

සිසුන් 432 ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසල දීර්ඝ කාලයක් භාවිතා කිරීම හේතුවෙන් අබලන් වූ පාසලේ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය කර සිසුන්ට මනා අධ්‍යාපනයක් ලබාදීම සදහා මෙම ව්‍යාපෘතිය 2023 සැප්තැම්බර් මස ආරම්භ කරන ලදී. ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද විද්‍යාගාරය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේවා වනිතා ඒකකයේ සභාපති රශෝමනී ඩයස් මහත්මිය අතින් සිසු අයිතියට පත් කෙරිණි.

මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය එක්ව සපයන ලදී. මෙම අවස්ථාවට නිළධාරීන්, සෙසු නිලයින් සහ විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන්  ඇතුළු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.