ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි

පූර්ණ නිවාස කාණ්ඩය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවසක් 2023 ඔක්තෝබර් 28 වන දින   අම්පාර මධ්‍යම කඳවුර වෙහෙරේගම අංක 10/39 දරන ස්ථානයේදී සැරයන් නිරෝෂණ ජී.එස්. වෙත නිවස ප්‍රදානය කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අරමුදල් සපයනු ලැබූ අතර, කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ලලිත් සුගතදාස මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා අම්පාර කදවුරේ අණදෙන නිළධාරී, මෙන්ම ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ අම්පාර ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.