ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලිමේ ව්‍යාපෘතියේ අට වන අදියර ක්‍රියාත්මක කරයි

ශ්‍රී  ලංකාවේ වන ඝනත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී  ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ අට වන අදියර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත  ක්‍රියාත්මක කිරිම සිදුකරන ලදී.

ශ්‍රී  ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 06 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් අවස්ථා පහකදි  අනුරාධපුර කටුගමිපොළ යාගම ලබුගස්දමන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 80000 ක ප්‍රමාණයක් ගුවනින් හෙලීම සිදුකරන ලදී.
 
මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක‍ෂණ දෙපාර්තමේන්තුවේ  මාර්ගෝපදේශකත්වය යටතේ මාස් හෝල්ඩින් ආයතනයේ අනුග්‍රහකත්වයෙන් කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකය විසින්   ක්‍රියාත්මක කරන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.