ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඇඹිලිපිටියට කරවිලයාය මහා විද්‍යාලයට විශේෂ පරිත්‍යාග වැඩසටහනක්

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2023 නොවැම්බර් 02 වන දින ඇඹිලිපිටිය කරවිලයාය මහා විද්‍යාලයේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම පාසල රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා ඇති අතර සිසුන් 400ක් පමණ අධ්‍යාපනය ලබයි. මූල්‍යමය බාධාවන් හේතුවෙන් තම මූලික අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමේදී මෙම දරුවන් මහත් අභියෝගවලට මුහුණ දෙති.

මෙම තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ අනුදැනුම මත මෙම පරිත්‍යාග වැඩසටහන ආරම්භ කරන ලදී. යූ ටියුබ් සමාඡ මාධ්‍ය ඡාලයේ "ජනයි ප්‍රියයි" නමින් හඳුන්වන කීර්තිමත් චමල් රත්නායක මහතා සහ රංග ජයකොඩි මහතා සමග එක්ව පාසල් පාවහන්, පාසල් බෑග්, අභ්‍යාස පොත්, දිවා ආහාර පෙට්ටි, වතුර බෝතල් නොමසුරුව පරිත්‍යාග කිරීමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සමඟ සහයෝගයෙන් කටයුතු කල අතර, අගහිඟකම් ඇති දරුවන්ට උපකාර කිරීම සඳහා විදුහල්පතිවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, පුස්තකාල පොත් කිහිපයක් සහ පාසලේ සෞන්දර්ය අංශය සඳහා නැටුම් ඇඳුම් ද පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ස්කොඩ්‍රන් ලීඩර් විලුදනී යටවර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම්, චමල් රත්නායක මහතා සහ රංග ජයකොඩි මහතා යන මහත්ම මහත්මීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, විදුහල්පතිතුමිය, ගුරුවරුන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.