පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ ගොඩනැගිලි ප්‍රථිසංස්කරනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුර මගින් සිදුකරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතීන් අතුරින් එක් ව්‍යාපෘතියක් ලෙස  පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ වසර 71ක් පැරණි සුගලා දේවි ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල බවට ප්‍රතිසංස්කරණය කර 2023 නොවැම්බර් මස 4 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි  රාජපක්ෂ මැතිතුමන් විසින් සිසු අයිතියට පත් කරන ලදි.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි  රාජපක්ෂ මැතිතුමන්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය 2023 අගෝස්තු මස 23 වන දින ආරම්භ කර සති 10ක් ඇතුළත ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් PDSS ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ අවසන් කරන ලදී.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.