අන්තර් ඒකක පාපන්දු ශූරතාව - 2023

අන්තර් ඒකක පාපන්දු ශූරතාවලිය 2023 නොවැම්බර් 07 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. අවසන් තරගය සහ සම්මාන ප්‍රදානෝත්සවය වෘත්තීය පුහුණු පාසලේ පාපන්දු පිටියේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ මහතා සහභාගී විය. සමස්ත කාන්තා කණ්ඩායම් ශූරතාව ගුවන් හමුදා රත්මලාන කඳවුර විසින් දිනා ගන්නා ලද අතර ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අනුශූරතාව දිනා ගන්නා ලදී. පිරිමි අංශයේ දී කොළඹ ගුවන් හමුදා කඳවුරේ පිරිමි කණ්ඩායම ශූරයන් බවට පත් වූ අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ තාක්ෂණික කණ්ඩායම අනුශූරයන් ලෙස තරඟාවලිය අවසන් කරන ලදී.

නිළධාරීන්,සෙසු නිලයින්, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.