ගුවන් හමුදා අන්තර් ඒකක සහ විවෘත බැඩ්මින්ටන් ශූරතාවය 2023

අන්තර් ඒකක සහ විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය 2023 සදහා දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  සහභාගීත්වයෙන් 2023 නොවැම්බර් 07 වන දින සිට 09 වන දින දක්වා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ පරිශ්‍රෙයේදී පැවැත්විණි. මෙහිදී ගුවන් හමුදා කටුනායක කඳවුර විසින් ශූරතාව දිනාගත් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල අනුශූරතාව දිනා ගන්නා ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 09 වන දින එම ස්ථානයේදීම පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වැඩබලන සුභසාධන අධ්‍යක්ෂ එයාර් කොමඩොර් සුරේෂ් ප්‍රනාන්දු මහතා සහභාගී විය. අවසන් තරඟය සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා ගුවන් හමුදා බැඩ්මින්ටන් සංචිතයේ සභාපති, ගෲප් කැප්ටන් පී.එන්.ගුණතිලක, නිළධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.